අද සවස 4.30 වනතුරු ගතවූ පැය 24 තුළ කිසිදු කොවිඩ් – 19 රෝගියෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙෙද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.
මේ වන විට මෙරට කොවිඩ් – 19 ආසාධනය වූවන්ගේ සංඛ්‍යාව 190ක් පමණ වන අතර අද දිනයේදී සම්පූර්ණ සුවය ලබා පිටව ගිය කොව්ඩ් – 19 රෝගියාද ඇතුළුව මේ වන විට සම්පූර්ණ සුවය ලබා පිටව ගිය රෝගීන්ගේ සංඛ්‍යාව 50ක් පමණ වන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවසුවේය.
රෝගය ආසාධනය වී තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 133ක් පමණ වන අතර වෙෙරසය ආසාධනය වී ඇති බවට සැක සහිතව රෝහල් අධීක්ෂණය යටතේ පසුවන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 224ක් පමණ වන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
කොවිඩ් – 19 වැළදීමෙන් මිය ගිය සංඛ්‍යාව 07කි.
