වනාතවිල්ලුව සහ නවගත්තේගමත් එළවළු/පළතුරු අතිරික්තයක්

by admindasun
0 comment 117 views

මේ දිනවල පවති ඇදිරි නීතිය හේතුවෙන් වෙළෙද පොළ වසා දැමීම නිසා දිවයිනේ විවිධ ප්‍රදේශවල එළවළු සහ පළතුරු අස්වැන්න විකුණාගත නොහැකිව ගොඩ ගැසී ඇති අයුරු දක්නට ලැබුණි.

ඒ අයුරින්ම වනාතව්ල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වගා කරන ලද කැවෙන්ඩිෂ් කෙසෙල් කිලෝ 10,000ක පමණ තොගයක් පවතින අතර කිලෝවක් රුපියල් 50 බැගින් තොග ලෙස අලෙවි කෙරෙන බව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිළධාරියෙක් පැවසුවේය.

මේ පිළිබදව යම් කිසි විමසීමක් කිරීමට අවශ්‍ය නම් 071 8298376 යන දුරකථන අංකය අමතන ලෙසත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළද එළවළු අතිරික්තයක් පවතින බව එම ආරංචි මාර්ග පවසයි.

තවද එම එළවළු තොග වට්ටක්කා 30, 000 kgක් (1kg රු. 40), වම්බටු 300 kgක් (1kg රු.60), පැණි දොඩම් 5000 kg (ගෙඩි 40, 000) (1kg රු. 150), ජම නාරං 1000 kg (ගෙඩි 8000) (1kg රු.350), දේශීය ඉගුරු 1250 kg (1kg රු. 300), දේශීය බුලත් කොළ 55,000 (කොලයක් රු.2) සහ කලු බුලත් කොළ 50,000 (කොලයක් රු.2) ලෙස පවතින බවත් මේ පිළිබදව විමසීම 032 2052973 යන දුරකථන අංකයෙන් ලබා ගත හැකි බවත් ඔහු පැවසුවේය.

 

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment