කොවිඩ් – 19 මඩින්න වැඩි සැර ඇල්කොහොල් පානය කළ 600ක් මරුට

by admindasun
0 comment 11 views

කොවිඩ් – 19 වැළැක්වන බවට වූ සාවද්‍ය විශ්වාසයක් නිසා සාන්ද්‍ර ඇල්කොහොල් පානය කිරීම හේතුවෙන් 600කට වැඩි ඉරාන වැසියන් පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් 3000කට අධික ප්‍රමාණයක් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබුවේය.

මේ පිළිබදව අදහස් දක්වමින් ඉරාන අධිකරණ ප්‍රකාශක ගෝලාම් හුසේන් කියා සිටියේ මිය ගිය සංඛ්‍යාව සහ රෝහල් ගත කෙරෙන සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බවයි.

තවද ඔහු කියා සිටියේ සාන්ද්‍ර ඇල්කොහොල්වලින් කොවිඩ් – 19 වැළැක්විය නොහැකි අතර එමගින් ශරීර අභ්‍යන්තර අවයවවලට හානි වන බවයි.

ඉරානයේ රජයේ පුවත් සේවයට අදහස් දක්වමින් හුසේන් මහතා තව දුරටත් කියා සිටියේ තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ජීවිත හානි සිදු කිරීමට උත්සාහ කිරීමේ සහ මහජනතාවට හානි කිරීමේ වරදට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මේ වන විට කොවිඩ් – 19 සම්බන්ධයෙන් මැද පෙරදිග කලාපයේ වැඩිම තර්ජණයට ලක්ව ඇති ඉරානයේ  වෙෙරසය ආසාධනය වීම හේතුවෙන් 3,872ක් මිය ගොස් ඇති අතර 62,589කට වෙෙරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment