ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 මරණ 07 දක්වා ඉහළට

by admindasun
0 comment 11 views

කොවිඩ් -19 ආසාධනය වී ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියෙකු අද සවස ජීවිතක්ෂයට පත්වුණු බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.

මෙසේ මියගිය පුද්ගලයා 48 හැවිරිදි පුද්ගලයෙක් වූ අතර ඒ අනුව මෙරට කොවිඩ් – 19 ආසාධනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 07 දක්වා ඉහළ ගියේය.

මෙම පුද්ගලයා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු ජර්මනියේ සංචාරයකින් පසු මෙම රෝග තත්ත්වයට ගොදුරු වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙෙද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

තවද අද දින වාර්තා වුණු රෝගීන්ද සමග මෙරට සම්පූර්ණ කොවිඩ් – 19 ආසාධිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 189 දක්වා ඉහළ ගියේය.

මේ වන විට කොවිඩ් – 19 ආසාධනය වී සම්පූර්ණ සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 42ක් පමණ වේ.

තවමත් ප්‍රතිකාර ලබමින් රෝහල් ගත කර සිටින සංඛ්‍යාව 141ක් පමණ වන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment