ඇදිරි නීතිය පිළිබද නවතම නිවේදනය

by admindasun
0 comment 15 views

කොවිඩ් – 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල මේ වන විට ක්‍රියාත්මක වන ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

අනෙකුත් දිස්ත්‍රික්ක 19 තුළ ක්‍රියාත්මක වන ඇදිරි නීතිය හෙට (09) උදේ 06ට ඉවත් කෙරෙන අතර යළි සවස 04ට ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව අප්‍රේල් 14 වන දින උදේ 06 දක්වා ක්‍රියාත්මක වේ. යළිත් එම ප්‍රදේශවලට එදිනම සවස 04ට ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

ඇදිරි නීතිය පැවැත්වෙන කාල සීමාව අතරතුර අත්‍යව්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර ගමන් කිරීම සපුරා තහනම් බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

එම නිවේදනයට අනුව කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල හුදෙකලා කර ඇති ප්‍රදේශ තව දුරටත් එලෙසම ක්‍රියාත්මක වන අතර අදාළ ප්‍රදේශවලට ඇතුළු වීම සහ පිටවීම සපුරා තහනම් වේ.

ඇදිරි නීතිය පැවැත්වෙන කාල සීමාව තුළ ජනතාවට අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන ගෙන ඇති බවත් වැඩි දුරටත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment