2020 වසරේ දීප්තිමත්ම පුරහඳ ‘සුපිරි රෝස චන්ද්‍රයා’ 

by admindasun
0 comment 71 views

මෙම වසරේ දිස්වන පුරහඳවලින් විශාලතම සහ දීප්තිමත්ම වූ ‘සුපිරි රෝස චන්ද්‍රයා’ නමින් හදුන්වන පුරහඳ  සමග බුද, සිකුරු, අගහරු, බ්‍රස්පතී සහ සෙනසුරු යන ග්‍රහයින් 5ක්ද දිස්වන අහස් සංදර්ශනයක් බක් පුර පොහෝ දින (07) රාත්‍රී අහසේ දැකගත හැකි විය.

මේ පිළිබදව අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරනුයේ වෘතාකාර මාර්ගයක නොව ඉලිප්සාකාර මාර්ගයක වන අතර එහිදී චන්ද්‍රයා, පෘථිවියට ළගින්ම ගමන්කරන දිනයකදී පුරහදක් ඇතිවුවහොත් චන්ද්‍රයා වෙනදාට වඩා  කි.මි. 50,000ක් පමණ ලංවන බැවින් සඳු ඇතින් පිහිටන දිනකදීට වඩා 14%  විශාලව හා 30% වඩා  දීප්තිමත්ව පෙනෙන නීසාවෙන්  එයට  සුපිරි සද යන නම භාවිතා කරනු ලබන බවයි.

මෙසේ නිරීක්ෂණය කළ සුපිර සදට අමතරව බටහිර අහසේ ඉතා දීප්තිමත්ව සිකුරු ග්රලෝකය ද  අපට දැක ගත හැකිවූ බව ඔහු පැවසුවේය.

මහාචාර්ය ජයරත්නට අනුව බටහිර සිට පිළිවෙලින් අහස මුදුනට වන්නට කහ පැහැයෙන් දිස්වන යෝධ බ්‍රහස්පති, වළලුපලන් ග්‍රහයා වන සෙනසුරු, සහ රත් පැහැ අඟහරු යන ග්‍රහයින් තිදෙනාද එකළග වන්නටද, නැගෙනහිර ක්‍ෂිතිජයට ආසන්න ව බුධ ග්‍රහයාද දිස්විය.

මෙම පුරහඳ සුපිරි රෝස චන්ද්‍රයා නමින් හැදින්නුවද මෙහි කිසිදු රෝස පැහැයක් නැති අතර වසන්තය උදාවත් සමග ඇති වන පළමු පුරහඳ එකල පිපෙන රෝස පැහැ මල්වර්ගයක් නිසා මෙනමින් හදුන්වන මහාචාර්ය ජයරත්න පැවසුවේය.

මේඅතර උතුරුකරයේ රටවලට සීත සෘතුව පහ වී එළඹෙන ග්‍රීෂ්මයේදී පරිසර උෂ්ණත්වය වැඩි වීමත් සමගම එම රටවල කොරෝනා ව්‍යවසනයේ ඉක්මන් තුරන්වීමක්ද බලපොරොත්තු විය හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment