ජනතාවට සහන දීමට ආපදා බැදුම්කරයක් නිකුත් කරන්න – ජවිපෙ

by admindasun
0 comment 24 views

මේ අවස්ථාවේදී රටේ පවති වසංගත තත්ත්වන හේතුකොටගෙ අසරණ වී සිටින ජනතාවට සහන සැලසීම සදහා රුපියල් බිලියන 200ක පමණ ආපදා බැදුම්කරයක් (Disaster Bond) නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ රජයට යෝජනා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

තම පක්ෂය වෙත වාර්තා වී ඇති තොරතුරුවලට අනුව ජනතාවට සහන සැලසීම සදහා රජය විසින් සේවක අර්ධ සාධක අරමුදලේ ඇති මුදල් යොදා ගැනීමට සූදානමක් පවතින අතර එය ඵල රහිත ක්‍රියාවක් බවත් ඔහු කියා සිටියේය.

තවදුරටත් අදහස් දක්වමින් සමරසිංහ මහතා පැවසුවේ මෙරට සිටින පවුල් ලක්ෂ 55න් පවුල් ලක්ෂ 30ක් පමණ පවතින තත්ත්වය තුළ අන්ත අසරණභාවයට පත්ව ඇති බවයි.

ඒ අනුව අඩුම තරමින් මාස 02ක්වත් එම පවුල්වලට අවමය රුපියල් රු. 20,000ක දීමනාවක් ලබා දිය යුතු බවත් සමරසිංහ පැවසුවේය.

මේ සම්බන්ධයෙන් සහ තවත් ගැටළු රැසක් ගැන සාකච්ඡා කිරීමට කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් සාකච්ඡාවක් මේ වන විටත් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් තවමත් රජයේ පාර්ශවයෙන් ප්‍රතිචාරයක් නොමැති බවත් ඔහු පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment