වාහන ගේන්න අනුමැතියට පෙර LC දාලා

by admindasun
0 comment 24 views

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා නව වාහන ගෙන්වීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කිරීමට පෙර ණයවර ලිපි (Letter of Credit – LC) විවෘත කළේ කෙසේදැයි තොරතුරු ලබා දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ලංකා බැංකු සභාපතිවරයාගෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල විසින් මෙම ඉල්ලීම ලිඛිතව සිදු කර ඇත.
මේ සම්බන්ධයෙන් වූ ණයවර ලිපි අප්‍රේල් 22 දින විවෘත කර ඇති අතර වාහන ගෙන්වීම පිළිබද යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ මැයි 18 වන දා වන අතර මැයි 24 වන දින පැවැති ඊළග කැබිනට් මණ්ඩලයේදී මෙම යෝජනාව තාවකාලිකව නතර කරන ලදී.

එසේම වාහන ආනයනය 2021 මැයි මස 11 වන දින නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය මගින් වාහන ආනයනයද තහනම් කර ඇති තත්ත්වයක ලංකා බැංකුව මේ සදහා ණයවර ලිපි විවෘත කළේ කුමන නීතිමය පදනමක් යටතේද යන්න වටගල මහතා විමසයි.

එසේම තම ලිපියෙන් වටගල මහතා තවදුරටත් ඉල්ලා සිටියේ මෙම ණයවර ලිපි සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියා මාර්ග සහ එම ණයවර ලිපි විවෘත කරන ලෙස බැංකුවෙන් ඉල්ලා සිටි අයගේ නම්ද හෙළි කරන ලෙසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment