ඇගළුම් ක්ෂේත්රය ගැන කතා කරද්දි අද හැම කෙනෙක්ම පාහේ දන්න නමක් තමයි Gflock. බත්තරමුල්ල පැලවත්තේ ප්‍රධාන ප්‍රදර්ශනාගාරය පවත්වාගෙන යන Gflock ගැන අපි කතා කළේ එහි හිමිකරු රනිල් විල්ලද්දර සමග. ව්‍යාපාරය ආරම්භ කිරීමේ සිට දැන් තියෙන මට්ටමට වර්ධනය කිරීම සහ තම ව්‍යාපාරය ජනතාවට මෙන්ම රටට වැදගත් වන අයුරු ගැන ඔහුගේ කතාව මෙසේ පැවසුවා.
ඔබ ගැන විස්තර කිව්වොත්?
මම රනිල් විල්ලද්දරගේ. Gflock කියන clothing brand එකේ සභාපති. වෘත්තියෙන් ව්‍යවසායකයෙක්, Fashion Designer කෙනෙක්. ඉපදුන ගම අකුරැස්ස. ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා.
අපේ brand එක ඔබ බොහොමයක් දන්නා නිමි ඇදුම් නිර්මාණය සහ අලෙවි කරන සන්නාමයක් වන Gflock.
Gflock කියන්නේ නිර්මාණශීලිත්වය මත පදනම් වූ Fast fashion clothing brand එකක්. ලෝකයේ තියෙන අනිත් fashion brands ප්‍රධාන ඍතු හතර පදනම් කරගෙන ඇදුම් නිර්මාණය කර Market එකට මුදා හරිද්දී, Gflock සතියකට styles 40-50 ක් පමණ workwear, casual, eveningwear, linen, denim යන විවිධ අංශයන් නියෝජනය කරමින් සමාජ මාධ්‍ය පාවිච්චි කරමින් ශ්‍රී ලංකාවේ Retail shop 03ක්, local online store සහ Gflock.com හරහා International Market වලටත් මුදා හරිනවා.
ඔබ ව්‍යාපාරයේ විශේෂත්වය වන්නේ?
මම ව්‍යාපාරයේ හිමිකරු ලෙස ආරම්භයේ සිටම මාසික වේතනයකින් ජීවත්වන අතර එය ව්‍යාපාරයේ දරන සභාපති, ප්‍රධාන විධායක නිළධාරි (CEO) සහ ප්‍රධාන මෝස්තර නිර්මාණ ශිල්පී (Head of Design) ලෙස ලබාගන්නා වැටුපයි. එම වැටුප සම්පත් බැංකුවේ ගිණුමකට බැර වෙන අතර මට හෝ ව්‍යාපාරයට විදේශයන්හී බැංකු ගණුම් හිමිකාරීත්වයක් නැත.මීට අමතරව පෞද්ගලික දේපළ ලෙස car දෙකක් හා පදිංචි නොවූ නිවසක් තියෙනවා.
අප ව්‍යාපාරයේ vision එක අන් කිසිවක් නොව බුදුරජාණන් වහන්සේ සහ අනෙකුත් ආගමික නායකයන්ගේ උත්තරීතර දැක්ම වූ “ සමාජයේ මිනිසා ඇතුළු ජීවින් දුකින් මුදවා ගැනීමයි”. මුදල් සහ Brand value වර්ධනය මෙම පරාර්ථාකාමි දැක්මේ ප්‍රතිඵලයක් ලෙස ලැබෙන දෙයක්.
Mission එක එම පරාර්ථකාමි අරමුණ වෙනුවෙන් අවංකභාවය පදනම් කරගෙන උත්සාහයෙන්, අධිශ්ඨානයෙන්, විනයානුකූලව ඒ සඳහා වැඩ කිරීමයි.
එතකොට ඔබගේ මෙම සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නේ කොහොමද?
ව්‍යාපාරයෙන් ලැබෙන ලාභයෙන් 1/3 පමන කොටසක් අපේ වක්‍ර සේවකයන් ලෙස වැඩ කරන ඇඟලුම් සේවිකාවන් හට රුපියල් 8000/= වටිනා වියලි ආහාර සහිත බඩු මල්ලක් මාසිකව ලබා දෙනවා.අපි මේ විවිධ factory වල ඇඟලුම් සේවිකාවන්ට ලබා දෙන මාසික බඩු මල්ල සෑම සතියක් පාසා Gflock Facebook ගිණුමේ Photos සහිතව පල කරමින් එයට අපෙන් ඇදුම් මිලදී ගැනීමෙන් දායක වූ පාරිභෝගිකයන්ට ස්තූති කරනව. වෙන විදියකින් කිව්වොත් පිං දෙනවා.ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ අර කලින් කිව්වා වාගේ ඔවුන්ට ඒ පුණ්‍යකර්මයට දායක වූ තෘප්තිය ලබා දෙන අතරතුර ඔවුන් ඊළඟ අවස්තාවේ මිලදී ගන්නාවිට චේතනාන්විතව මිලදී ගැනීමෙන් පිං ඇති කර ගැනීමට සැලස්වීම.
අපි දන්නවා ඔබ ඇඳුමක් මිල දී ගත්විට පාරිභෝගිකයාට පැළයක් ලබා දෙනවා කාලයක් තිස්සේ,මේ ගැන අපිට වැඩිදුර විස්තර කිරීමක් කලොත්?
අප පරිසරය පිළිබඳ දරන සංකල්පය වන්නේ මිනිසා සහ පරිසරය අතර ඇති ලබැඳියාව ගසත් අප හා සමාන ජීවියෙකුයැයි සලකා කොලයකට හෝ හානියක් සිදු නොකළ යුතුයැයි සිතන මට්ටමට එම සම්බන්ධය වැඩි දියුනු කරගනිමින් පරිසරයට සිදුවන හානිය අවම කර ගැනීමයි. 2018 ලෝක පරිසර දිනයත් සමග අපගෙන් ඇදුම් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට නොමිලයේ පැලයක් ලබා දෙමින් එය ඇරබුනි.
අප අවුරුදු 4 තුල පරිසරය හා මිනිසා අතර සහ-සම්බන්ධතාවයේ යුතුකම ඉටුකරමින් ආ ගමනේ සන්නාමයක් ලෙස අපත්, පරිභෝගිකයා සහ ඔවුන්ගේ ගෙවත්තේ සිටවූ එම පැලයත් වටා එකට එතූ දම් වැලක් මෙන්,තිස් දහසකට එහා ගිය උතුම් වූ සහ-සම්බන්ධතාවයන් ගොඩනගිමින් ඉදිරියට පැමිනියෙමු.මිනිසා සහ පරිසරය නියෝජනය වන එවැනි උතුම් වූ ඇදුමකින් එහා ගිය සම්බන්ධතාවයන් ඇති කිරීම සහ එමගින් අප අනාගත පරපුරට ලබා දෙන ආදර්ශයෙන් පරිසරය තිරසාර ලෙස රැක ගැනිමට දායක වීමට හැකිවේ යැයි අපගේ විශ්වාසයයි
අපි Gflock මිලදී ගත යුත්තේ ඇයි?
Zaara , Mango, Myer, Uniqlo, Shein, H&M වැනි brand වලින්. මෙම brandහි මව් රටවල් බොහෝමයක් බටහිර රටවල් සහ සංවර්ධිත ආසියතික රටවල්.
ඇමෙරිකාවෙ,කැනඩාවෙ,Australia, Europeවල ඉන්න අපේ ශ්‍රීලාංකිකයන් වසරකට average එකක් විදියට 300$-500$ අතර ප්‍රමාණයක් ඇඳුම් වෙනුවෙන් මේ foreign brands වලට වියදම් කරනවා.
මගේ කාරුණික ඉල්ලීම ඔබගේ clothing budget එක අපේ ලංකාවේ තරුණ පරම්පරාවේ නිර්මාණශීලීත්වයෙන් ආරම්භ වූ Gflock වලින් online order කරල ගන්න.
ඒ වෙනුවෙන් මම මෙම ව්‍යාපාරයේ හිමිකරුවා සහ ව්‍යවසායකයෙක් විදියට ව්‍යාපාරයේ කොටස් 51% 2025දී සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවට පැවරීමට සූදානම්.
ඉතින් මම නැවතත් අපේ විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් කාරුණිකව ඉල්ලන්නේ ඔබලාගේ මාසික clothing budget එක විනාශයේ අඩියටම වැටිලා ඉන්න ඔබේ මව් රට ගැන හිතලා ඔබේ රටේ තරුණ පරම්පරාවෙම නිර්මාණශීලී Brand එකක් වන Gflock වලින් මිළදී ගන්න.