ඔබ සහ ඔබේ සමීපතමයන් වයිරස්වලින් ආරක්ෂිතද?

by admindasun
0 comment 55 views

කොතරම් හොදින් විෂබීජානුහරණට ලක්කළ ස්ථානයකට වුවද මිනිසුන් පැමිණිමත් සමග නැවත විෂබීජ ඇතුළු විය හැකි සේම යළිත් එම ස්ථානය විෂබීජානුහරණට ලක්කරණ තෙක්ම ඒවා සජීවීව පැවතිය හැකිය.

‍මෙවැනි සංවෘත පරිසර තුළ එකතු වන ඇසට නෙපෙනෙන විෂබීජ විනාශ කිරීමට හැකිනම් විශේෂයෙන් කොවිඩ් – 19 වසංගතය ලොවම භීතියට පත් කරමින් පැතිරී යන මෙවන් මොහොතක එය ඔබට සතුටට කාරණයක් වනු ඇති බව නොඅනුමානය.

ඔබව සතුටට පත් කරමින් වාතයේ ඇති අහිතකර දේ පමණක් නොව වෛරස් වර්ග පවා විනාශ කර ඔබට පිරිසිදු වාතය ආග්‍රහණය කිරීමට හැකිවන පරිදි ඔබගේ නිවසේ, කාර්යාලයේ හෝ වෙනත් ස්ථානයක ඇති සංවෘත ප්‍රදේශයක විෂ බීජ විනාශ කිරීම සදහා සවි කළ හැකි STERIONIZER නම් උපකරණය දැන් ABC Trade & Investments ආයතනය විසින් ශ්‍රී ලංකාවට හදුන්වා දී ඇත.

STERIONIZER නම් උපකරණය තුළ භාවිත වන බයිපෝලාර් අයනයිෂේශන් (Bi polar ionization) තාක්ෂණයෙන් වාතයේ හා අවට පරිසරයේ ඇති වයිරස්, බැක්ටීරියා (viruses, Bacteria) ඇතුළු ඇසට නොපෙනෙන අහිතකර දෑ විෂබීජානුහරණය (disinfection) කිරීමට සමත් වේ. එය එම කාර්යය සදහා මේ වනතෙක් සොයාගෙන ඇති සනාථ කරන ලද (proven technology) සාර්ථකම විසදුම වේ.

STERIONIZER උපකරණය මගින් සංවෘත පද්ධතිය තුළට විශාල ප්‍රමාණයෙන් O2 + අයන හා O2 – අයණ මුදා හරී. එම අයණ හා වාතයේ ඇති ජල අණු (H2O), වයිරස් හා බැක්ටීරියා මත පතිත වී, ප්‍රත්‍රික්‍රියා කොට  එම වයිරස් හා බැක්ටීරියාවල මතුපිට ඇති ප්‍රෝටීන් ව්‍යුහයට හානි කිරීම මගින් එම වයිරස් හා බැක්ටීරියා විනාශ කරයි.

ඊශ්‍රායලයේ / ඇමරිකාවේ නිෂ්පාදිත පේටන්ට් බලපත්‍ර හිමි මෙම බයිපෝර්ලා තාක්ෂණය මිනිසාට කිසිදු ලෙසකින් හානිකර නොවන නිසා එය පැය 24 පුරාම එක දිගට භාවිත කළ හැකිසේම 99% දක්වා වයිරස් හා බැක්ටීරියාවලින් ආරක්ෂිත නැවුම් පරිසරයක් නිරන්තරයෙන් ඔබ වෙත ලබා දෙයි.

රු. 35,000 සිට ලබාගත හැකි කිසිදු නඩත්තුව වියදමකින් තොර මෙම උපකරණ ක්‍රියාකිරීමට අවශ්‍ය වන්නේ ඉතා කුඩා විදුලි ධාරාවක් පමණි.

මෙම උපකරණය සවි කර කාර්යාල ,සුපිරි වෙළෙඳ සංකීර්ණ, හෝටල් කාමර , රෙස්ටුරන්ට් , පංති කාමර, පුස්තකාල, නිවාස, දේශන ශාලා ඇතුලු ඕනෑම ස්ථානයක් පැය 24 පුරා විෂබීජානුහරණට ලක්කර ගැනීමට 070 3 525 525 යන ක්ෂණික ඇමතුම් අංකය හෝ 070 1 853 529 න් ඉන්ෆාස් අමතන්න.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment