පසුගිය වසර 04ක කාලය තුල ප්‍රතිසංවිධානය කළ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක කළ රෝහල් 600 ක් මගින් මහජනතාව ලක්ෂ 13 ක ගේ බෝ නොවන රෝග අවදානම් සාධක පරීක්ෂා කිරීමට සහාය ලබා දීමෙන් අනතුරුව මෙම වසරේ දෙසැම්බර් 31 වනදා සිට ලෝක බැංකුව එම ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්‍යංශය වෙතටම පවරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘති අධ්යක්ෂ, හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.
ප්‍රාථමික , ප්‍රාදේශීය හා ග්‍රාමීය රෝහල්වලදී පසුගිය වසර හතරක් තිස්සේ මහජනතාවගේ සෞඛ්‍ය අවදානම් පරීක්ෂා කෙරිණි. රුධිර කොලෙස්ටරෝල් මට්ටම, රුධිරගත සීනි මට්ටම, රුධිර පීඩනය, උස සහ බර මැනීමේ කටයුතු මේ අනුව සිදු කෙරිනි. ඒ ඒ සෞඛ්‍ය ආයතනවලට තමන් විසින් වග කියන ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් බැගින් වෙන් කර දී තිබේ. මහ ජනතාව අදාල ආයතනයට පැමිණ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර ගැනීම මෙන්ම අවදානම අධික වන අවස්ථාවලදී අවශ්‍ය උපදෙස්, ඖෂධ ලබා දීම මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කිරීමද සිදු කෙරිනි.
එසේම පරීක්ෂා කරන අවුරුදු 35 ට වැඩි සියලුම පුද්ගලයින්ට සෞඛ්‍ය තොරතුරු වාර්ථාවක් ලබා දෙන අතර ලබා ගත් දත්ත අන්තර්ජාලය මත පදනම්වූ පොදු දත්ත ගබඩාවකට ඇතුළත් කිරීමද මේ වන විට අවසන් කර තිබේ.
සෞඛ්‍ය අංශයේ සැලසුම් සම්පාදනයට සම්බන්ධ තීන්දු තීරණ ගැනීමේදී ඉදිරියේදී එම දත්ත ප්‍රයෝජනයට ගත හැකි බවද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පෙන්වා දෙයි.
මෙතෙක් ලෝක බැංකුවේ සහාය මත දිවයිනේ රෝහල් 600 ක ක්‍රියාත්මක වූ මෙම පුරවැසි කේන්ද්‍රීයව සෞඛ්‍ය සේවා සැපයීමේ වැඩපිළිවෙල එළඹෙන දෙසැම්බර් 31 වනදා සිට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම වැඩපිලිවෙල සම්පූර්ණයෙන්ම සිය භාරයට ගෙන ක්‍රියාත්මක කිරීමට නියමිත බවද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා තවදුරටත් අවධාරණය කළේය.