අද දින සෞඛ්‍ය අංශවල විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය නිසා රෝහල් කටයුතු පවත්වාගෙන යාමට දිවයින පුරා රජයේ රෝහල් 22කට ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයින් යොදවා ඇති බව යුධ හමුදා මාධ්‍ය අංශය පවසයි.
මේ සදහා යුධ හමුදා සාමාජිකයින් 600කට අධික පිරිසක් යොදවා ඇති බවත් යුධ හමුදා මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේය.
