ක්‍රිකට් ගොඩගන්න අර්ජුන සහය ඉල්ලයි

by admindasun
0 comment 60 views

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යළි නගා සිටුවීම සදහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහාය ලබා දෙන ලෙස අභිනවයෙන් පත් කෙරුණු තේරීම් කමිටුවේ සභාපති හිටපු ටෙස්ට් නායක අර්ජුන රණතුංග මහතා අද ඉල්ලා සිටියේය.

නව පත්වීමෙන් අනතුරුව ඔහු මෙම ප්‍රකාශය කළේය.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට පැවරී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නිළධාරී මණ්ඩලය විසුරුවා හැර අතුරු පාලක කමිටුවක් පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

ඒ අනුව සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යූතු අතුරු කමිටුවක් පත් කෙරුණි අතර විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. අයි. ඉමාන්, රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, හිටපු ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස, නීතිඥවරුන් වන රඛිත රාජපක්ෂ සහ හාඩි ජමාල්ඩීන් මෙම කමිටුවේ සමාජිකයින් වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment