රට රැකියා ජාවාරමට ගුවන් තොට සියලු අංශ උදව් කරනවා – ඇමැතිගෙන් චෝදනා

by admindasun
0 comment 73 views

විදේශ රැකියා ජාවාරමට ගුවන් තොටුපොලේ සියලුම අංශවලින් සහාය ලැබෙන බවත් මිනිස් වෙළෙදාම වැළැක්වීම වෙනුවෙන් රජය ගෙනයන වැඩසටහනට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහයෝගය  නොලැබෙන බවටත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා චෝදනා කළේය.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ ආරක්ෂික සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකය විවෘත කිරීමේ උත්සවය අමතමින් ඔහු මෙසේ චෝදනා කළේය.

“අද රජයේ නිළධාරීන් ගොඩක් බයයි තමන්ගේ යුතුකම් ඉටුකරන්න. යුතුකම් ඉටුකරපු හමුදා නිළධාරීනුත් තාමත් ලැයිස්තුවල ඉන්නවා. ඒ අය යුතුකම් ඉටුකරපු නිසා අද අපි රටක් විදිහට හැමෝම හොඳින් ඉන්නවා. සමහර නිළධාරීන් යුතුකම් ඉටුකරන්න ගිහින් තාමත් ප්‍රශ්නවල ඉන්නවා. අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමන් රටේ මිනිස්සු වෙනුවෙන් පනත් ක්‍රියාත්මක කරන්න ගිහින් අද යම් අර්බුදයකට මුහුණදීලා ඉන්නවා.පාර්ලිමේන්තුවෙන් දෙන බලය ක්‍රියාත්මක කරන්න ගිහින්. මේ ස්ථානයේ රාජකාරි කරන නිළධාරීනුත් බොහෝ අරපරිස්සම් වෙනවා නීතිය ක්‍රියාත්මක කරන්න ගියාම. මොකද මින්ස්සුන්ගේ යෑම් ඒම් නිදහස කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සදහන් කරලා තියෙනවා. කෙනෙක් කොහේහරි යනවා නම් එයාව නතර කරන්න, ඒ ගැන ප්‍රශ්න කරන්න තියෙන බලය මොකක්ද කියලා අහන අවස්ථා තියෙනවා. එතකොට යම් නිළධාරීන් පැකිලිමක් සිද්ධවුණා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කෙනෙක් කවුරුහරි හරවලා යවනවා නම් නීතිය කතාකරන්න එනවා. ඉමිග්‍රේෂන් එකේ එහා ගේට්ටුවේ මහත්තරු ඇවිත් කියනවා නෑ එයාව අරන් යන්න ඕනි කියලා. නෑ එයා මේ ෆ්ලයිට් එකේ යන්නම ඕනි, ඔයාට තියෙන බලය මොකක්ද මෙයාව නවත්තන්න කියලා ඉමිග්‍රේෂන් එකේ හිටපු මහත්වරු ඇදගෙන යනවා. මේ ගුවන් තොටුපොලේ ආරක්ෂක නිළධාරීන් ඔයාට අයිතියක් නෑ කියලා ඇදගෙන යනවා. ගුවන් සේවා සමාගමේ නිළධාරීන් ඇදගෙන යනවා ඔයාට බලයක් නෑ මෙයාව නවත්තන්න කියලා.
ඔව් ඇත්ත. පනතෙන් අපිට බලයක් දීලා තිබුණෙ නෑ. අපිට තිබුණේ රටේ අවශ්‍යතාවය හා මේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න යුතුකම ඉෂ්ට කරන්න. දැන් අපි පනතෙන් ඒ බලය අරන් තියෙනවා. ඊට අමතරව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඒ සඳහා අපිට සහය ලබාදෙනවා. ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යවරයා විදිහට ඒ අදාල පාර්ශව ඔක්කොම එකතු කරලා අවශ්‍ය සහය ලබාදුන්නා.

මේක ආරක්ෂක අමාත්‍යාංශයේ හෙඩ් කරන්න ඕනි වැඩක්. ආරක්ෂක අමාත්‍යාංශයේ සභාපතීත්වය යටතේ CID එක, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ගුවන් තොටුපොල, ඉමිග්‍රේෂන් එක මේ හැමදෙනාම එකතු වෙලා කරන්න ඕනි වැඩක්. තනියෙන් කාටවත් මේක කරන්න බෑ. හැමෝගෙම සහය අවශ්‍යයි. හැමෝම එකට එකතුවෙලා මේ කර්තව්‍ය කරන්න ඕනි.
මේ ගුවන් තොටුපොල හරහා යන්නේ ඉන්දියාවට වන්දනාවට කියලා. සමහර වෙලාවට යන්නේ සැලුන් එකේ බඩු ගෙන්න කියලා. අක්කා බලන්න නැන්දා බලන්න කියන්න තියෙන ඔක්කොම කියලා යන්නේ. අපේ අයටත් කියලා තියෙන්නේ. ඒ අයට කියලා එවන්නේ අර සාරිය ඇදපු මිස් ලගට යන්න කියලා. අර සර් බලාගන්න, කොන්ඩේ පීරන විදිහ බලන්න, පෑන උස්සන කෙනා බලාගන්න. එතකොට ඔයාව පාස් කරනවා කියන්න. එතකොට එයාගේ පාස්පෝට් බලන්නේ නෑ. නිකම් බලලා යවනවා.

මම කියන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ගුවන් තොටුපොල සමාගම, ඉමිග්‍රේෂන් එක ගොඩක් අය එකට සම්බන්ධ වෙලා ඇතුලට එන කෙනා ඇඳුම් මාරු කරන්නේ වොෂ් රූම් ඇතුලේ. ඇතුලෙදි තමයි පාස්පෝට් එකයි අනිත් ඒවයි අතට දෙන්නේ. මෙතනින් එන්නේ වෙන පාස්පෝට් එකක් අරන්, ඇතුලට දෙන්නේ වෙන පාස්පෝට් එකක්. මේ සියල්ල එකතු වෙච්ච වැඩ. මේක තනියෙන් නතර කරන්න බෑ. මේක නතර නොකරන තාක් ඔයාලට හොඳයි. එක එක්කෙනාගේ සාක්කුවට 15000 ගානේ වැටෙනවා. ඒක අපි දන්නවා. හැබැයි අවසානෙදි ඒ රටවලට ගිහින් අපේ මිනිස්සු අතරමං වෙනවා. අපේ මිනිස්සු දුක් විදිනවා. ඒ ගෙවල්වලින් එලියට දානවා. හවු හරනට කවුරුත් නෑ. ලියාපදිංචි වෙලා නෙවෙයි යන්නේ. නැවත ගෙන්න ගන්න අපිට පනතෙන් බලයක් නෑ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවුන කෙනෙක් ගෙන්න ගන්න කවුද වියදම් කරන්නේ. ඒ මිනිස්සුන්ගේ ජීවිත අහිමි වෙනවා. දේශ සීමා පන්නන් යද්දි නොයෙක් කරදර වෙනවා. කවුද ඒ ජීවිතවලට වන්දි ගෙවන්නේ. මේ කාන්තාවන් ගැන විතරක් නෙවෙයි. ගොඩක් අය මෙතන පහුකරන් යන්නේ. බෝට්ටුවලින් යන්නේ ටික දෙනයි.
මේක හොයලා බලලා නතර නොකරොත් අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත අංක එක, දෙක මේ රටේ කීර්ති නාමය.

මේ සියළු මහන්සිවීම්වල ප්‍රතිපලයක් විදිහට අපේ රටේ මිනිස් වෙලදාම්වල අපේ රටේ ස්ථානය ආරක්ෂා කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකට අපි කාර්ය සාධන බලකායට ස්තූතිවන්ත වෙනවා ඒ කර්තව්‍ය සිදුකිරීම වෙනුවෙන්. විසිට් වීසා වලින් රට ගිහින් අසරණ වුන අයව ජනාධිපතිතුමාගේ විශේෂ අනුමැතියක් යටතේ ගුවන් යානා දෙක තුනකින් ගෙන්න ගන්න පහුගිය අවුරුද්දේ මම කටයුතු කලා. ලේසි දෙයක් නෙවෙයි. ආණ්ඩුවේ බදු මුදලින් ඒ දේවල් යන්නේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment