එළඹෙන ජනාධිපතිවරණය සහ ඉන් පසුව පැවැත්වීමට නියමිත මහා මැතිවරණය ඉලක්ක කර ගනිමින් දැනට සිටින දේශපාලන පක්ෂ මාරු කිරීමට මන්ත්රීවරු රැසක් සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙම පිල් මාරු සිදුවීම ජාතික ජන බලවේගය හැර අනෙකුත් ප්රධාන පක්ෂවල සාමාජිකයින් අතර සිදුවන බවටත් එම තොරතුරු තවදුරටත් තහවුරු කර සිටී.
දැනට මෙසේ පිල් මාරු සිදු කිරීමෙන් වැළකී සිටින්නේ අදාළ දේශපාලන පක්ෂයට පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට ඇති ඉඩ කඩ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී ධූරය අහෝසි වීමේ අවදානම නිසා වන අතර පාර්ලිමේන්තුව විසිරවූ සැනින් ප්රධාන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්රීවරුන් මෙසේ පිල් මාරු කිරීමට සැරසී සිටී.
මේ වන විටත් ඒ පිළිබද සාකච්ඡා පැවැත්වෙන බවත් දේශපාලන ආරංචි මාර්ග තවදුරටත් පවසයි.