පවතින අසාමාන්‍ය කාලගුණ තත්ත්වය හේතුකොටගෙන උතර හා නැගෙනහිර පළාත්වල දහසකට අධික ගවයින් සහ එළුවන් ප්‍රමාණයක් මියගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
අමාත්‍යංශයට ලැබී ඇති තොරතුරුවලට අනුව ගවයින් සහ එළුවන් 1094 දෙනෙකු මේ වන විට මියගොස් ඇති අතර තවදුරටත් තොරතුරු ලැබෙමින් පවතින බව අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසුවේය.
කෙසේ වෙතත් මේ තත්ත්වය තුළ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව සලකා බලා ගව මස් සහ එළු මස් ප්‍රවාහනය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකය තහනම් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බව නිවේදනය කළේය.