හෙට ජවිපෙ ජනපති හමුවෙයි

by admindasun
0 comment 15 views

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් තමඅදහස් පිළිබදව සාකච්ඡා කිරිමට හෙට (09) ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේය.

පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ තම පක්ෂ නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවීමට නියමිත වුවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් වන තම පක්ෂයේ ස්ථාවරය එලෙසම පවතින බවයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා සූදානම් නම් එය නිශ්චිත කාල රාමුවකට ඇති කර ගන්න ආණ්ඩුවක් විය යුතු අතර අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ සිට එය සිදු විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලික කරගෙන බිහි කරන ලද ආණ්ඩුවකට පාර්ලිමේන්තුවේ සිටින අනෙකුත් පක්ෂ එක් කර ගැනීම තමා අදහස් කරන සර්ව පාක්ෂික ආණ්ඩුව නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය ‌වේ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ හදුන්නෙත්ති මහතා මෙසේ පැවසුවේය.

ජනාධිපතිවරයා අනෙකුත් පක්ෂ හමුවන පදනමින් අපිට ආරාධනා කර තිබෙනවා. අපි සාකච්ඡාවට සහභාගි වෙනවා. එහිදී සර්වපාක්ෂික ආණ්ඩු පිළිබඳ අපි මෙයට පෙර මාධ්‍යවලටත් කියා තිබෙන අපේ ස්ථාවරය පැහැදිලි කරනවා. දැනටමත් ආණ්ඩුවක් හදලා තිබෙන්නේ. ඊට පස්සේ සර්වපාක්ෂික ආණ්ඩුවලට කතා කරලා වැඩක් නැහැ. අන්තර්කාලීන පාලනයකින් පසුව මැතිවරණයක් පවත්වන්න යන ආණ්ඩුවක් නොවෙයි මේ තිබෙන්නේ. එක පැත්තකින් රනිල් වික්‍රමසිංහගේ බලයත්, තහවුරු කරගෙන ණය ගන්න පුළුවන් ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාගන්නයි මේ උත්සාහ කරන්නේ. ජනවරමක් සඳහා ඉඩ හදන තාවකාලික ආණ්ඩුවක් පිහිටුවන්න යනවා නොවෙයි. සර්වපාක්ෂික අටමගලයට අපි සහභාගි වෙන්නේ නැහැ. සහභාගි වෙන්නේ නැති බව කියන්න, ජනාධිපති ඉස්සරහට යන්න අපිට පුළුවන්.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment