බැසිල් සහ භාණ්ඩාගාර ලේකම් ඉන්දියාවට

by admindasun
0 comment 45 views

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍යංශයේ / භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරු ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දැනට පවතින ඩොලර් අර්බුදයට විසදුමක් ලෙස ඉන්දියාවෙන් සහයෝගය ලබා ගැනීම මෙම සංචාරයේ අරමුණ විය හැකි බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ නියෝගයෙන් මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඩොලර් නිකුත් කිරීම හරහා සිංගප්පූරු සමාගකට අයත් කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් සහිත නෞකාවේ ඉන්ධන ගොඩ බෑම මේ වන විටත් ආරම්භ කර ඇත. මෙම

නෞකාවේ ඉන්ධන ගොඩ බෑම සදහා අදාළ සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 35.3ක් ඊයේ රාත්‍රියේදී ගෙවන ලදී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment