නිරෝධායන ඇදිරි නීතිය පැවැත්වෙන අතරතුර ඊයේ සවස මත්පැන් අලෙවි සල් විවෘත කිරීම පිළිබදව පොලිසියද දැනුවත් වී නොතිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.
News Unlimited වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එය කුමක් හෝ වැරදි සන්නිවේදනයක් හේතුවෙන් සිදුවූවක් වන අතර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිරෝධායන ඇදිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ විවෘත කිරීමට අවසර ලබාදී ඇති අලෙවිසල්වලට මත් පැන් අලෙවි කරන ස්ථාන ඇතුළත් කර නොමැති බවයි.
කෙසේ වෙතත් ඊයේ සවස මත් පැන් අලෙවි කරන ස්ථාන ඉදිරිපිට ජනතාව පෝලිම්වල සිටිනු දක්නට ලැබුණත් පොලිසියද ඒ පිළිබදව එම අවස්ථාව වන විට දැනුවත් වී නොතිබුණු බැවින් ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වූ බවත් ඔහු කියා සිටියේය.
අද දිනයේදී මෙම මත්පැන් අලෙවිසල් වසා ඇති අතර ඒවා විවෘත කරන දිනය මේ වන තෙක් තීරණය කර නොමැත.
