ඔක්සිජන් ඉල්ලුම 50%කින් අඩුවේ

by admindasun
0 comment 13 views

කොවිඩ්-19 රෝගීන් සදහා ප්‍රතිකාර ලෙස යොදා ගන්නා ඔක්සිජන් අවශ්‍යතාව මේ වන විට 50%කින් පහත වැටී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

රට තුළ නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට පෙර කොවිඩ්-19 රෝගීන් සදහා ඔක්සිජන් ඉල්ලුම සපයා ගත නොහැකි තත්ත්වයට ඉහළ ගිය අතර ඒ අනුව මෙරට රජයේ රෝහල් පද්ධතියට ඔක්සිජන් සපයන පෞද්ගලික සමාගම් විසින් ඔක්සිජන් අමතර තොග ඉන්දියාවෙන් ආනයනය කරන්නටද සිදු විය.

කෙසේ වෙතත් මේ වන විට කොවිඩ්-19 ආසාධිතයින්ගේ තත්ත්වය යම් කිසි පාලිත මට්ටමක පැමිණ ඇති බැවින් මෙසේ ඔක්සිජන් ඉල්ලුම පහත වැටී ඇති බවත් ඔහු කියා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් මෙන්ම මරණ වාර්තා වීමේද පැහැදිළි අඩුවීමක් පෙන්නුම් කරන මෙන්ම ඉදිරි සති කිහිපය තුළ තවදුරටත් තත්ත්වය යහපත් වන බවට තමා විශ්වාස කරන බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment