පිටි මිල සහ වෙනත් ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් ලබන සදුදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි හිමිකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 05කින්ද, අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල එක් නිෂ්පාදනයකින් රුපියල් 10කින්ද, කේක් කිලෝ එකක මිල රුපියල් 100කින්ද ඉහළ දැමීමට කටයුතු කරන බව එම සංගමය වැඩි දුරටත් කියා සිටියේය.
