දිවයින පුරා එන්නත් මධ්‍යස්ථාන 270ක්

by admindasun
0 comment 117 views

දිලංක ගුණතිලක

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමෙන් අද (14) වනවිට දිවයින පුරා ප්‍රජා එන්නත්කරණ මධ්‍යස්ථාන 270 ක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 33ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 36ක්, කලුතර දිස්ත්‍රික්කයේ ස්ථාන 27ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන 26ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක්, මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන 4ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන 7ක්, මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාන 16ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 12ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන11ක්, මාතර දිස්ත්‍රික්කයේ ස්ථාන 9ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන 16ක්, යාපනය දිස්ත්‍රික්කයේ 3ක්, අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන 4ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන 10ත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ස්ථාන 1ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 17ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 10ක්, සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 22ක් ලෙස මෙම එන්නත්කරණ මධ්‍යස්ථාන දිවයිනේ දිස්ත්‍රික්ක 19ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මකකරන බව යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

කොවිඩ් වෛරසයට එරෙහි ජාතික එන්නත්කරණ වැඩසටහන යටතේ පසුගිය 12 වැනිදාවන විට ඇස්ට්‍රාසෙනිකා කොවිඩ්ශීල්ඩ්, ෆයිසර්, සයිනොෆාර්ම් සහ ස්පුට්නික් V එන්නත් ලබාදී ඇති බවත් මේ වෙනුවෙන් විශාලතම දායකත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් ලබාදී ඇති බවත් යුද්ධ හමුදාධිපතිතුමන් කීය. ඒ අනුව වැඩිම එන්නත් මාත්‍රාවන් ප්‍රමාණයක් ලබා දී ඇත්තේ සයිනොෆාර්ම් එන්නතෙන් බවත් එම එන්නත් මාත්‍රාවන් බහුතර ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයට ලබා දී ඇති බව යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේය.

එසේම යුද්ධ හමුදාව මඟින් ගුරුභවතුන් ඇතුළු අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන කේෂ්ත්‍රයේ කාර්ය මණ්ඩල, රැකියා සඳහා විදෙස්ගතවන ශ්‍රමිකයින්, උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතවන ශිෂ්‍යයින්, ඇගළුම් කර්මාන්තශාලා සේවක සේවිකාවන්, ජාතික ගමනා ගමන මණ්ඩල සේවකයින් ඇතුළු ප්‍රමුඛතාව ලබාදිය යුතු ආයතන සහ පාර්ශව වෙතද එන්නත් කිරීම සිදුකරන බව යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment