හෝටල් සේවකයින්ට රු. 15,000 ක සහන දීමනාවක් ලබාදීම, කොවිඩ් එන්නත ලබාදීම, ණය සඳහා පොලී රහිත සහන කාලය දීර්ඝ කිරීම, සේවයේ නියුතු සියලු හෝටල් සේවකයින්ට වැටුප් කප්පාදුවකින් තොරව ලබාදීම, රක්‍ෂණ ආවරණයක් ලබාදීම යන ප්‍රධාන ඉල්ලීම් ලබාදෙන ලෙස ආණ්ඩුවට බලකර සිටින බව හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතීඥ ජානක අධිකාරී සහෝදරයා අද (14) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ආණ්ඩුව විසින් කෝටි ගණනින් වන වාහන ගෙන්වා සුඛෝපභෝගී ජීවිතය පවත්වාගෙන යාමට සැලසුම් කරද්දී කිසිදු ආදායමක් නොලබන හෝටල් සේවකයින් සඳහා කිසිදු දීමනාවක් ලබාදීමට මේ දක්වා කටයුතු කර නොමැති බවත් ඔහු මෙහිදී පැවසීය.
සංචරණ සීමා දමමින් ආණ්ඩුවේ සියලු දේශපාලන උවමනාවන් සිදු කරගනිමින් තිබෙන නමුත් හෝටල් සේවකයින්ගේ ජීවත්වීමේ අවම පහසුකම් හෝ ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බවත් මේ නිසා මොන සීමාවන් දැම්මත් ඉදිරියේදී හෝටල් සේවකයින් සමග පාරට බැසීමට කටයුතු කරන බවත් ඔහු මෙහිදී පැවසීය.
ආණ්ඩුව දැනට කරන එකම දේ ආණ්ඩුවට විරෝධය දක්වන්නන් මර්දනය කිරීම පමණක් බවත් ඊටද සූදානමින් පාරට බැස විරෝධතා දැක්වීමට කටයුතු කරන බවද ඔහු මෙහිදී පැවසීය.
මෙම මාධ්‍ය හමුව සඳහා හෝටල් සේවක මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ජයතිලක රණසිංහ, ටාජ් සමුද්‍රා හෝටලයේ ලේකම් තිලක් විජේසිංහ යන සහෝදරවරු සහභාගී විය.