අද (ජුනි 11) මධ්‍යම රාත්‍රි 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) යටතේ ක්‍රියාත්මක වන සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් ඩීසල් සහ භූමිතෙල් ලීටරයක මිල ඉහළ දමා ඇත.
ඒ අනුව 92 Octane පෙට්‍රල් ලීටරයක මිල රු. 20කින්ද, 95 Octane පෙට්‍රල් ලීටරයක මිල රු. 23කින්ද, ඩීසල් ලීටරයක මිල රු. 7.00කින්ද, සුපර් ඩීසල් ලීටරයක මිල රු. 12.00කින්ද, භූමිතෙල් ලීටරයක මිල රු. 7.00කින්ද ඉහළ දමා ඇත.
අද රාත්‍රි 12.00 සිට ක්‍රියාත්මක වන නව මිල සංශෝධනයට අනුව ඉන්ධන ලීටරයක මිල පහත පරිදි වේ.
92 Octane පෙට්‍රල් – රු. 157.00
95 Octane පෙට්‍රල් – රු. 182.00
ඩීසල් – රු. 111.00
සුපර් ඩීසල් – රු. 144.00
භූමිතෙල් – රු. 77.00
