ජුනි මස 14 වනදා ඉවත් කිරීමට නියමිතව තිබූ දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමා ජුනි මස 21 වන දින දක්වා නොකඩවා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
කෙසේ වෙතත් යුද හමුදාපතිවරයා ඊයේ පැවසුවේ දැනට පවතින සංචරණ සීමා ජුනි 14 වෙනිදායින් පසු දික් කිරීමට ඒ වන විට තීරණයක් ගෙන නොමැති බවයි.
කෙසේ වෙතත් කොවිඩ්-19 වසංගතයේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව රජය පවසයි.
වීඩියෝව බලන්න | News Unlimited YouTube චැනලය subscribe කරන්න.
