කොවිඩ් 19 වෛරසය මෙරට පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් ගත යුතු සියලුම ක්‍රියා මාර්ග මේ වන විට සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශවලට අනුකූලව ගෙන ඇති නමුත් දිනකට ආසාධිතයින් තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවීම සැළකිය යුතු තත්ත්වයක් බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් සමඟ සාකච්ඡා කර සියලු සෞඛ්‍ය අංශවල නිර්දේශවලට අනුව සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න තීරණය කරන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ බව රටේ ජනතාව අවබෝධ කරගෙන තමන් කොවිඩ් පතුරවන පුද්ගලයෙකු හෝ කොවිඩ් ආසාදිතතයෙකු නොවී සිටීමට කටයුතු කළ යුතු බවද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
එසේම රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයන්වලදී ප්‍රතිචාර දක්වමින් ආපදා සහන සේවා කටයුතු මෙන්ම ගලවාගැනීමේ ක්‍රියාන්විත සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව මේවන විටත් කටයුතු කරමින් සිටින බව යුද්ධ හමුදාධිපතිවරයා පැවසීය.
