පළමු වරට කොවිඩ් රෝගීන් 3000 පනී

by admindasun
0 comment 41 views

එක් දිනකදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු වැඩිම කොවිඩ් රෝගීන් ගණන වාර්තා කරමින් අද දිනයේ මේ වන විටිත් රෝගීන් 3051ක් පමණ වාර්තා වී ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව මේ වන තෙක් මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් රෝගීන්ගේ ගණන 150, 771 දක්වා ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත් අද දිනයේ තවත් පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිත අතර විදේශගත සිට පැමිණ රෝගීන් ලෙස මෙරටදී වාර්තා වන පිරිසද සමගින් සම්පූර්ණ එකතුව 4000ට ආසන්න විය හැකිය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment