කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ඇස්ට්‍රාසෙනිකා එන්නතෙන් ලබාගත් අයට දෙවන මාත්‍රාව ලෙස සයිනොෆාම් එන්නත ලබා නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංය අද අනතුරු ඇගවූයේය.
වර්තමාන කොවිඩ් තත්ත්වය පිළිබදව මාධ්‍ය අමතමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. එම්. ආනල්ඩ් මහතා පැවසුවේ එනිසා පළමු මාත්‍රාව ලෙස ඇස්‍ට්‍රාසෙනිකා ලබාගත් අය මේ වන විට මෙරට ජනතාවට ලබාදෙමින් පවතින සයිනොෆාම් එන්නතෙන් දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් වැළකී සිටින ලෙසයි.
මේ වන විට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයගෙන් ලක්ෂ 06කට අධික ප්‍රමාණයක් දෙවන මාත්‍රාව ලබාගැනීමට නියමිතව තිබුණද මෙරට තුළ ඒ සදහා අවශ්‍ය එන්නත් තොග නොමැති වීම නිසා දෙවන මාත්‍රාව ලබාදීම ප්‍රමාද වෙමින් පවතී.
