රජය විසින් සේවා ස්ථිර කරන බවට කිහිප වතාවක් පොරොන්දු ලබා දුන්නත් මේ වන තෙක් සේවා ස්ථිර කර නොමැති අනියම් හා ආදේශක සෞඛ්‍ය සේවකයින් කොවිඩ් වසංගත තත්ත්වය සමග මහත් අසීරුතාවලට ලක් වීමට සිදු වී ඇති බව ඒකාබද්ධ සේඛ්‍ය සේවකයින්ගේ සංගමයේ සම්බන්ධීකාරක ටැම්පිටියේ සුගතානන්ද හිමි පවසයි.
ජීවිත අවධානමෙන් යුතුව සේවයේ නියුතු අනියම් හා ආදේශක සෞඛ්‍ය සේවකයින් 2500කට අධික පිරිසක් මේ වන විට කොවිඩ් ප්‍රතිකාර මෙහෙයුමේ නිරත වී සිටින බවත් ඔහු කියා සිටියේය.
තව දුරටත් අදහස් දැක්වූ සුගතානන්ද හිමිට අනුව කොවිඩි වසංගත තත්වය ඉතා උඝ්‍රවීමත් සමඟ මුලු සමාජයම අවදානමකට ලක්ව ඇත. මෙහිදී මෙම වසංගතය මර්දනය කරන වැඩපිළිවෙළෙහි ප්‍රමුඛ කාර්යභාර්යක් සෞඛ්‍ය සේවකයින් විසින් ඉටු කරනු ලබයි. එබැවින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළ හැකි ක්‍රියාමාර්ග ගැනීම රජයේ ප්‍රමුඛ කටයුත්තක් විය යුතුය. එහෙත් දින 180 සම්පූර්ණ කළ අනියම් හා ආදේශක සෞඛ්‍ය සේවකයින් 2500 ට වැඩි පිරිසක් මේ වන විට අවදානම පසෙකලා සේවයේ නිරතවනු ලබන්නේ කිසිදු ආරක්ෂාවකින් තොරවය.
ඔවුන්ට යම් අනතුරක් සිදුවුවහොත් එහි වගකීම කිසිවකු දරන්නේ නැති බවත් නිරෝධායනය වීමට සිදුවූ විට ඔවුන්ට කිසිදු ගෙවීමක් සිදු කරන්නේ නැති බවත් සුගතානන්ද හිමි පවසයි.
රාජ්‍ය චක්‍රලේඛ හරහා ලබාදී ඇති විශේෂ නිවාඩු ඔවුන්ට හිමි නොවන අතර මෙම සේවකයින් ස්ථිර කරගැනීම සම්බන්ධයෙන් විවිධ වෘත්තිය ක්‍රියාමාර්ග ගණනාවක් ගත්තද ආන්ඩුව මේ වන තෙක් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත් ඔහු කියා සිටියේය.
සුගතානන්ද හිමි තවදුරටත් පැවසුවේ සෞඛ්‍ය ඇමති විසින් 2020/12/09 දිනද, සෞඛ්‍ය ලේකම් 2021/02/23 දිනද, මුදල් අමාත්‍යාංශයේ ලේකම් 2021/03/23 දිනද මෙම සේවකයින් ස්ථිර කරන බවට පොරොන්දු විය.එහෙත් ඒ සියලු පොරොන්දු පුස්සක් බවට පත්වීඇති බවයි.
