අද මධ්‍යම රාත්‍රියේ සිට අන්තර් පළාත් බස් සේවා නවත්වයි

by admindasun
0 comment 43 views

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස අද රාත්‍රි 12 සිට පළාත් අතර සංචරණ සීමා පැනවීමත් සමග අන්තර් පළාත් පෞද්ගලික සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සේවාද නවත්වනු ඇත.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ මගී ප්‍රවාහන සේවා බස් රථ මෙසේ නතර කෙරෙන අතර එම බස් රථ අත්‍යවශ්‍ය සේවා සදහා යොදා ගැනීම පිළිබදව පසුව දැනුම් දෙන බවයි.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අන්තර් පළාත් මගී සේවා තාවකාලිකව නවත්වන බව ලංගම ඊයේ රාත්‍රියේම නිවේදනය කළේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment