ඔක්සිජන් ඇත – සිලින්ඩර නැත

by admindasun
0 comment 76 views

මෙරට ඔක්සිජන් හිගයක් ඇති බවට කට කතා පැතිර ගියද ඇති තරම් ඔක්සිජන් තොග ඇති අතර ගැටළුව වන්නේ එම ඔක්සිජන් පිරවීම සදහා සිලින්ඩර / ටැංකි නොමැති වීම බව ව්‍යාපාරික ආරංචි මාර්ග පවසයි.

මේ නිසා ඉදිරියේදී හදිසි තත්ත්වයක් පැමිණියහොත් එයට මුහුණ දීම සදහා මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඔක්සිජන් සැපයුම්කරුවන් විසින් වහාම හිස් සිලින්ඩර ආනයනය කිරීමට සැළසුම් කර ඇත.

වර්තමාන තත්ත්වයට මුහුණ දීම සදහා සූදානම් වීමට අවශ්‍ය ක්‍රියා මාර්ග සාකච්ඡා කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග පසුගියදා සංවිධානය කර තිබුණි

මෙම සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියා මාර්ග ලෙස ඔක්සිජන් ටැංකි හරහා නල මාර්ගයෙන් ලබා ගැනීම පිළිබදවද සාකච්ඡා කර තිබුණු අතර ස්ථාන 04ක අලුතින් ඔක්සිජන් ටැංකි ස්ථාපිත කිරීමටද එහිදී එකග වී ඇත.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශය සැපයුම්කරුවන්ගෙන් සිලින්ඩර් ඔක්සිජන්ද අවශ්‍ය බව දන්වා ඇති අතර මෙරට රෝහල්වලට නොකඩවා ඔක්සිජන් සැපයුමක් ලබා දීමට ඔවුන් පොරොන්දු වී ඇත.

තවද ප්‍රධාන ඔක්සිජන් සැපයුම්කරු වන සිලෝන් ඔක්සිජන් ලිමිටඩ්හි නිෂ්පාදන සහ පිරවීමේ පහසුකම් කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පිහිටා ඇති බැවින් අලුතින් පිහිටුවන කොවිඩ් – 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන කොළඹ සිට කිලෝ මීටර් 200ක වපසරියක් තුළ ස්ථාපිත කිරීමෙන් ඔක්සිජන් සැපයුම් පහසුවෙන් ලබා දිය හැකි බවත් යෝජනා වී ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment