ශ්‍රී ලංකා ග්‍රේට්ස් – ටීම් ශ්‍රී ලංකා තරගය කල් යයි

by admindasun
0 comment 56 views

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම සහ දැනට පවතින ජාතික කණ්ඩායම අතර මැයි මස 04 වන දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ පන්දු වාර 20-20 ක්‍රිකට් තරගය කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තරගය කල් දමා ඇති අතර මේ වන ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායමට නම් කර සිටි උපුල් තරංගට කොවිඩ් – 19 ආසාධනය වී ඇති බව අද දින තහවුරු විය.

අදාළ තරගය ප්‍රේක්ෂකයිනට් විවෘත නොකර පැවැත්වීමට සැළසුම් කර තිබුණු අතර රූපවාහිනී විකාශයෙන් ලැබෙන ආදායම කොවිඩ් මර්දන කටයුතු සදහා පරිත්‍යාග කිරීමට නියමිතව තිබුණි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment