කොවිඩ් එක්ක බඩු මිලත් ඉහළට

by admindasun
0 comment 39 views
රටේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග බඩුමිල ඉහළ යාමේ  ඛේදවාචකයටද ජනතාවට මුහුණ දීමට සිදු වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේය.
අද දින පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් තව දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසුවේය.
කොරෝනා තත්වය නැවත උත්සන්න වීමත් සමඟ රටේ ජනතාවගේ ජීවන තත්වය කබලෙන් ලිපට වැටිලා. කොරෝනා භීතිය නිසා ජනතාවගේ මානසික, ආරථික, සමාජීය තත්වය කඩාවැටුණා. ඒ අස්සේ ආණ්ඩුව විෂ පොල් තෙල් ගෙනාවා. ඒකෙන් ජනතාව බැටකෑවා. ආණ්ඩුව කිවුවේ ටික ටික වහ කෑවට කමක් නැහැ කියලා.
ඒ විතරක් නෙවෙයි ගෑස් සිලින්ඩරයට අමුතු සූත්‍රයක් ගෙනල්ලා ගෑස්වල මිල වැඩිකළා. කිලෝග්‍රෑම් 12.5 තිබුණු සිලින්ඩරය බර අඩු කරලා රු.100කින් ගෑස්මිල අඩු කළා කියලා ආණ්ඩුව ප්‍රවෘත්ති නිර්මාණය කළා. නමුත් ඇත්තටම වුණේ ගෑස් ප්‍රමාණය අඩුවුණා. ඇත්ත බරට ගණන් හැදුවම අන්තිමට වුණේ රුපියල් 400කින් පමණ ගෑස් සිලින්ඩරයක මිල වැඩිවීමයි.
ජනතා විරෝධය නිසා එම තීරණය අකුළගත්තත් මේ වනවිටත් වෙළඳපොළේ බර අඩු කරපු ගෑස් සිලින්ඩර තිබෙනවා. පාරිභෝගිකයින්ට ඒවා මිලදී ගන්න සිදුවෙලා. ඒ බර ජනතාව මත පැටවිලා. ක්ෂද්‍ර මූල්‍ය ණය ගෙවාගන්න බැරුව ජනතාව පීඩාවට පත්වෙලා. ආණ්ඩුව ඡන්දයේදී පොරොන්දු වුනාට ඒ පොරොන්දු ඉටු කරලා නැහැ. අදත් පොළොන්නරුවේ උපවාස කරනවා. අනෙක් පැත්තෙන් අධිරාජ්‍යවාදී වුවමනාවන්ට අනුව රටේ ජාතික සම්පත්  කුණුකොල්ලයට විකුණලා දානවා.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment