සෞදි අරාබියේ රැඳවුම් කඳවුරවල හෙවත් බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඒ අනුව සෞදි අරාබියේ රැඳවුම් කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික කතුන් 156 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සෞදි අරාබියේ මෙම රැඳවුම් කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික කතුන් පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය කරුණු හෙළිදරව් කිරීමෙන් පසු, එම රැඳවියන් පිළිබඳව සෞදි රජය සමග ශ්‍රී ලංකා රජය සාකච්ඡා කළ බවත්, එම බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික කතුන් නිදහස් කිරීමටත් ශ්‍රී ලංකාවට එවීමටත් සෞදි රජය එකඟ වී ඇතැයි අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව එම කතුන් සෞදි අරාබි රාජ්‍ය ගුවන් සේවය මගින් ශ්‍රී ලංකාවට එවීමට ද සෞදි රජය එකඟත්වය පළ කර ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව එම ගුවන් යානය ශ්‍රී ලංකාවට ගොඩ බැසීමට අවසර ලබාදීම පිළිබඳව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමඟ සහ ගුවන්තොටුපල බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පවසයි.
