තිසර සමල් – අනුරාධපුර
පොලීසිය ඉන්නේ දඩ ගහන්න නෙමෙයි,පොලීසිය ඉන්න ඕන සමාජය යහපත් කරන වැඩේ කරන්න. ඒ නිසා අපි වෙනදටත් වඩා මහජනතාවත් සමඟ සම්බන්ධ වෙලා කරන වැඩ කළ යුතුයි.ඒකෙන් මම කියන්නේ නෑ හොරු අල්ලන්න එපා, කුඩු අල්ලන්න එපා,කසිප්පු අල්ලන්න එපා කියන එක නෙමෙයි,ඒ ටිකට දඩ ගහනවාට අමතරව,ඔවුන් යහපත් මාර්ගයට ගන්න වැඩේ තමයි අපි කරන්න ඕනකම තියෙන්නේ යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය. සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් මෙම කමිටු රැස්වීම තිරප්පනය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වූ තිරප්පනය පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ආර්.එම්.අයි බණ්ඩාර මහතා කියා සිටියේ,
රථ වාහන පාලන රාජකාරීයේදී, බීමත්ව රිය පැදවීම වැනි නඩු තතුළින් පමණක් මේ වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ කෝටි 22 කට අධික මුදලක් දඩලෙස අය කර ගෙන තියෙනවා යනුවෙනි.
ඊට පිළිතුරු දුන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,
පොලීසිය සම්බන්ධයෙන් ගත්තම ආරක්ෂාව සම්බන්ධයෙන් පමණක් නෙමෙයි,මහජන හිතකාමී පොලීසියක් විය යුතුයි.දඩ ගහනවා කියන එක ගත්තම පොලීසිය ඉන්නේ දඩ ගහන්න නෙමෙයි,පොලීසිය ඉන්න ඕන සමාජය යහපත් කරන වැඩේ කරන්න.ඒ නිසා අපි වෙනදටත් වඩා මහජනතාවත් සමඟ සම්බන්ධ වෙලා කරන වැඩ කළ යුතුයි.ඒකෙන් මම කියන්නේ නෑ හොරු අල්ලන්න එපා, කුඩු අල්ලන්න එපා,කසිප්පු අල්ලන්න එපා කියන එක නෙමෙයි,ඒ ටිකට දඩ ගහනවාට අමතරව,ඔවුන් යහපත් මාර්ගයට ගන්න වැඩේ තමයි අපි කරන්න ඕනකම තියෙන්නේ යැයි පැවසීය.
