ව්‍යාජ විදෙස් මුදල් තොගයක් අල්ලයි

by admindasun
0 comment 39 views

දිලංක ගුණතිලක

ව්‍යාජ විදෙස් මුදල් තොගයක් හුවමාරු කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු යුද්ධ හමුදා බුද්ධි නිලධාරින් විසින් මඩකලපුව පච්චනූර් ප්‍රදේශයේදී ඊයේ (03) අත්අඩංගුවට ගත්හ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කංගුවේලි දෙහිවත්ත ප්‍රදේශයේ පදිංචි අරූල් ප්‍රසාන්ත් ප්‍රකාශ් (31) නැමැත්තෙකි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ දහයක් සහ තුර්කි ලීරා ලක්ෂ පහක් සැකකරු සතුව තිබී ඇත.

යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් අත්අංගුවට ගත් සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලීසියට භාර දී ඇති අතර මුත්තූර් පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment