මහින්ද්‍රා විදුලිජනක බෙරලපනාතර සමුපකාරයට

by admindasun
0 comment 38 views

අයිඩියල් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ සමාගමක් මෙන්ම, සියලුම මහින්ද්‍රා වාහන හා බල මෙවලම් නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන අයිඩියල් මෝටර්ස් වෙතින් සී/ස බෙරලපනාතර විවිධ සේවා සමූපකාර සමිතිය මහින්ද්‍රා Powerol විදුලිජනක යන්ත්‍ර මිලදී ගනු ලැබීය.

ඒ අනුව සී/ස බෙරලපනාතර විවිධ සේවා සමූපකාර සමිතිය විසින් සිය ග්‍රාමීය බැංකු සහ ඉන්ධනහල් සඳහා අවශ්‍ය මහින්ද්‍රා Powerol 5KVA සහ මහින්ද්‍රා Powerol  10KVA වර්ගයේ ඩීසල් විදුලිජනක යන්ත්‍ර මගින් සිය අනාගත විදුලි අවශ්‍යතා සපුරා ගැනීමට නියමිතය.

අයිඩියල් ව්‍යාපර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතා විසින් සී/ස බෙරලපනාතර විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති ජයන්ත සේසිරි මහතා වෙත පසුගියදා මහින්ද්‍රා Powerol විදුලිජනක යන්ත්‍ර බාරදෙනු ලැබිණි.

මහින්ද්‍රා Powerol ඩීසල් විදුලිජනක යන්ත්‍ර ඉන්දියානු කාණ්ඩයේ මෙරට ප්‍රමුඛයා බවට වර්තමානයේ පත්වී ඇත. ඉතා කෙටි කලක් තුළ මෙම සුවිශේෂී ජයග්‍රහණය අපහට ලබාගැනීමට හැකි වූයේ අප විසින් ලබාදෙන අතිවිශිෂ්ට අලෙවියෙන් පසු සේවාවයි. එමෙන්ම ජාත්‍යන්තරව ලොව පුරා බලමෙවලම් පාරිභෝගිකයන් ආදරයෙන් වැළඳගත් සන්නාමයක් බවටද මෙය පත්වී ඇත. මහින්ද්‍රා Powerol විදුලිජනක යන්ත්‍ර සන්නිවේදන ප්‍රමුඛයන්, කර්මාන්තශාලා, හෝටල්, බැංකු සහ වාහන සේවා ස්ථානයන්හි පළමු තේරීම වන අතර අයිඩියල් මෝටර්ස්හි අපි විවිධ ස්ථානවලට ගැලපෙන විදුලිජනක යන්ත්‍ර ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා යැයි අයිඩියල් මෝටර්ස්හි Powerol නිෂ්පාදන මෙහෙයුම් කළමනාකරු ජානක කුලතුංග මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment