නැගෙනහිර ජැටිය දීමට එරෙහිව විමල් සටනට

by admindasun
0 comment 57 views

නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබදව දැඩි තීරණ ගැනීමට සිදුවන බවත් ඒ ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 05කට ආරාධනා කළ බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ලබන සඳුදා (01) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳව සාකච්ඡා කිරීමට පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, ලංකා සමසමාජ පක්ෂය ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, එක්සත් මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් යන මහත්වරුන්ට වීරවංශ මහතා දුරකථනයෙන් ආරාධනා කර ඇත.

මෙම තීරණාත්මක සාකච්ඡාව හෙට (30) වැනිදා විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment