2019 වසරේදී රාජ්‍ය සේවයට බදවාගත් උපාධිධාරීන් අභ්‍යාසලාභී පුහුණුව අවසන් වුවද තවමත් ස්ථිර නොකිරීමට එරෙහිව හෙට රට පුරා උද්ඝෝෂණ පැවැත්වෙන බව ඒකාබද්ධ සංවර්ධන නිළධාරී මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ධම්මික මුණසිංහ මහතා News Unlimited වෙත පැවසුවේ මෙම උපාධිධාරීන්ගේ අභ්‍යාසලාභී පුහුණුව අවසන් වී මේ වන විට මාස 04ක කාලයක් ඉක්ම ගොස් ඇති අතර තවමත් ස්ථිර පත්වීම් ලබා නොදී ඇති බවයි.
එම නිසා පොරොන්දු වූ පරිදි අදාළ දින සිට ක්‍රියාත්මක වන ලෙස තම උපාධිධාරීන්ගේ රැකියා ස්ථිර කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටින බවත් මුණසිංහ මහතා පැවසුවේය.
ඒ අනුව හෙට දිනය විරෝධතා දිනයක් ලෙස නම් කර රට පුරා උද්ඝෝෂණ පැවැත්වෙන බවත් ඔහු කියා සිටියේය.
මෙම උද්ඝෝෂණ කොළඹ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට, හම්බන්තොට, මාතර, ගාල්ල, කළුතර, ගම්පහ, කෑගල්ල, මහනුවර, මාතලේ, නුවරඑළිය, අනුරාධපුර, මොණරාගල, පුත්තලම, රත්නපුර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල අසලදී උදේ 10ට පැවැත්වෙන බවත් මුණසිංහ මහතා පැවසුවේය.
මීට පෙර සිදු කරන ලද සාකච්ඡා මෙන්ම විරෝධතාවලට රජයේ නිහඩව සිටීම නිසා මෙසේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කළ බවත් ඔහු පැවසුවේය.
