බන්ධනාගාරවලට පීසීආර් පමණක් මදි

by admindasun
0 comment 46 views

බන්ධනාගාරවල කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමට නම් පීසීආර් පරීක්ෂණ පමණක් සිදු කිරීම ප්‍රමාණවත් නොවන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසුවේ මෙම පැතිරීම වළක්වා ගැනීමටනම් ප්‍රතිදේහ ජනක පරීක්ෂා එහි සිදු කොට ක්ෂණිකව ආසාධිතයින් හදුනා ගැනීම සිදු කළ යුතු බවයි.

තව දුරටත් කතා කළ ඔහු කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් අතර කොවිඩ් පැතිරීම ඉතා වේගයෙන් සිදු වන අතර පීසීආර් පරීක්ෂණවලින් පමණක් ඊට මුහුණදීම ප්‍රායෝගික නොවන බවත් කුමුදේශ් මහතා පැවසුවේය.

මේ වන විට ප්‍රතිදේහ ජනක පරීක්ෂණ නවතා දැමීම වැරදි තීන්දුවක් වන අතර එහි ප්‍රතිඵලය දැනට ආසාධනය නොමැති රැදවියන්ද ආසාධිතයින් බවට පත්වන බවත් කුමුදේශ මහතා පැවසුවේය.

වැලිකඩ බන්ධනාගාරයේ ආසාධිතයින්ගේ තත්වය හා ප්‍රමාණය සැලකීමේදී, රෝගීන් හදුනා ගැනීමේ ක්ෂණික ක්‍රියාවලිය වේගවත් කිරීම හා සියළු රැදවියන් පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වන අතර ඒ සදහා සුදුසුම විකල්පය ලෙස භාවිත කළ හැකිව තිබෙන්නේ ජංගම රසායනාගාර – ක්ෂණික ප්‍රතිදේහ ක්‍රමය පමණක් බව ඔහු අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් නොතකා හිරකරුවන් බන්ධනාගාර අතර මාරු කීරීම සිදු කර ඇති බවට ඇති චෝදනා හේතුවෙන්ද කොවිඩ් – 19 රැදවියන් අතර ව්‍යාප්ත වීමට හේතු වන බව කුමුදේශ් මහතා පැවසුවේය.

එසේම බන්ධනාගාරවල සිටින ක්ෂයරෝගය, ඒඩ්ස් සහ මානසික ආභාධ සහිත සිරකරුවන් පිළිබදවද මීට වඩා අවධානය යොමු කළ යුතු බව ඔහු පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment