සරත් වීරසේකරට කැබිනට් ඇමැති ධූරයක්

by admindasun
0 comment 67 views

පළාත් සභා සහ පළාත් පාළන රාජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අභිනවයෙන් පිහිටුවන ලද මහජන ආරක්ෂාව පිළිබද කැබිනට් අමාත්‍යංශයේ නව ඇමැතිවරයා ලෙස පත් කර ඇත.

තවද චමල් රාජපක්ෂ මහතා දැනට දරණ කැබිනට් අමාත්‍ය ධූරයට අමතරව රාජ්‍ය ආරක්ෂාව, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද අද දින ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේය.

රජය විසින් පසුගියදා මහජන ආරක්ෂාව සහ තාක්ෂණ අමාත්‍යංශය ලෙස නව අමාත්‍යංශ දෙකක් ගැසට් කරන ලද අතර ඒ අනුව දැනට පවති කැබිනට් අමාත්‍යංශ සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment