අද දිනයේ මේ දක්වා නව කොවිඩ් රෝගීන් 157 දෙනෙකු හදුනාගෙන ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 17,831 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
අද දිනයේ හදුනා ගැණුනු සියලු ආසාධිතයින් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරුවල ආසාධිතයින් බවත් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
