රට පුරා රජයේ රෝහල් ඇතුළු රජයට අයත් සෞඛ්‍ය ආයතනවල සේවය කරන ආදේශක සෞඛ්‍ය සේවක සේවිකාවන් ස්ථිර කරන ලෙස රජයට බල කරමින් උද්ඝෝෂණ මාලාවක් අද දින ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය විසින් අද දින ආරම්භ කරන ලදී.
මෙහි පළමු උද්ඝෝෂණය කුලියාපිටිය රෝහල ඉදිරිපිටදී අද දින පැවැත්වුණු බව සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි News Unlimited වෙත පැවසුවේය.
මෙම සෞඛ්‍ය සේවකයින් 2019 අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී රාජ්‍ය සේවයට බදවා ගත් අතර මේ වන විට ඔවුන්ගේ මාස 06ක පරිවාස කාලය අවසන් වී මාස 08ක් පමණ ගතවී ඇතත් තවමත් ස්ථිර සේවයට බදවා ගෙන නොමැති බව සුගතානන්ද හිමි පැවසුවේය.
තවදුරටත් අදහස් දැක්වූ සුගතානන්ද හිමියෝ පැවසුවේ හෙට දිනයේදී අමාත්‍යංශයේ නිළධාරීන් සමග මේ පිළිබදව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර ඉන් පසු පෙත්සමකට අත්සන් තැබීම සිදු කිරීමට නියමිත බවයි.
එසේම එම පෙත්සම බාරදීම නොවැම්බර් 23 වන දින සිදු කරන අතර ඊට සමගාමීව රටපුරා රජයේ රෝහල් ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණ පවත්වන බවයි.
රට පුරා ස්ථිර නොකළ සෞඛ්‍ය සේවකයින් 3000ක් පමණ සිටින අතර කොවිඩ් – 19 වසංගත සමග රටේ පවතින වර්තමාන තත්ත්වය හේතුවෙන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට මේ අවස්ථාවේදී නොයන බවත් ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම මස අවසන් වන විට මේ සදහා පිළිගත හැකි විසදුමක් නොලැබුණහොත් වැඩ වර්ජණ වැනි දැඩි ක්‍රියා මාර්ගවලට යොමුවීමට ලබන මස මුල සිට ඔවුනට සිදු වන බවත් සුගතානන්ද හිමියෝ පවසති.

