කොවිඩ් – 19 ආසාධිත තවත් රැදවියන් 68 දෙනෙකු අද උදෑසන වන විට තහවුරු වී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව කොවිඩ් – 19 ආසාධිත මුළු රැදවියන්ගේ සංඛ්‍යාව 506 දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඩ් – 19 ආසාධිත රැදවියන් වැඩිපුර සංඛ්‍යාව වැලිකඩ බන්ධනාගාරයෙන් හදුනා ගැණුනු අතර බෝගම්බර, කුරුවිට සහ ගාල්ල බන්ධනාගාරවලින් මේ වන විට කොවිඩ් – 19 ආසාධිතයින් හමු වී ඇත.
මේ හේතුවෙන් සියලු බන්ධනාගාර නිළධාරීන්ගේද නිවාඩු අවලංගු කිරීමට පසුගියදා කටයුතු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පැවසුවේය.
