කොවිඩ් – 19 වසංගත තත්ත්වය තුළ රෝගය ආසාධනය වීම සහ නිරෝධායනයට යොමු කිරීම හේතුවෙන් ඇති වී තිබෙන සේවක හිගය නිසා නැව් භාණ්ඩ ගොඩ බෑමට ප්‍රමාණවත් සේවකයින් නොමැති වීමෙන් දැඩි අර්බුදයකට පත්වී ඇති බව වාර්තා වේ.
මේ නිසා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගත් නැව් 40ක් පමණ භාණ්ඩ ගොඩබෑමකින් තොරව නැවත ගමන් කර ඇති බවත් දැනගන්නට ඇත.
මෙම තත්ත්වය වැඩිපුරම උදාවී ඇත්තේ ජයා බහාලුම් පර්යන්තයේ බවත් මෙම තත්ත්වය නිසා අදාළ නෞකා වෙනත් වරායන්වල එම භාණ්ඩ බෑම සිදු කළ විට ඒවා නැවත මෙරටට ගෙන්වා ගැනීම සදහා වෙනමම මුදලක් සහ කාලයක් ගත වීමද ගැටළුවක් බව තොග වෙළෙදුන් පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙදුන්ගේ සංගමය පැවසුවේ වෙනත් වරායවල්වලින් මෙම නැව් භාණ්ඩ නැවත ගෙන්වා ගැනීමට පෙර ඔවුන් සතුව ඇති තොග අවසන් වුවහොත් රටේ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිගයක් ඇති විය හැකි බවයි.
මේ සම්බන්ධයෙන් විමසූ විට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක පැවසුවේ මෙවැනි තත්ත්වයක් උදා වුවද කිසිදු ආකාරයකින් කොළඹ වරායේ මෙහෙයුම් නවත්වා වරාය වසා දැමීමක් සිදු නොකරන බවයි.
එසේම මේ වන විටත් වරාය අධිකාරියේ විශ්‍රාමික් සේවකයින්ද යළි සේවයට කැදවා ඇති අතර එළඹෙන සතියේදී වරායේ මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත් වන බවයි.
