කොවිඩ් – 19 ආසාධනය වීමෙන් තවත් මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න පවසයි.
ඒ අනුව කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පිඹුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. එම රෝගියා දීර්ඝ කාලීන වකුගඩු රෝගයකින් පෙළුණු තැනැත්තකු බවත් වාර්තා වෙයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් පපුවේ අමාරුවක් නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස් තිබේ.
කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවක් සිය නිවසේදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් – 19 ආසාධිතයෙකු වශයෙන් හදුනාගෙන තිබේ. කොවිඩ් – 19 ආසාධනය හේතුවෙන් සිදුවුණු හෘදයාබාධයක් ලෙස හදුනාගෙන තිබේ.
කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් නිවසේදීම මියගොස් ඇති අතර කොවිඩ් – 19 ආසාධනයෙන් සිදුවුණු පෙනහළු ආසාධනයක් ලෙස පශ්චත් මරණ පරීක්ෂණයේදී හදුනාගෙන ඇත.
කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 74ක පිරිමි පුද්ලයෙකු සිය නිවසේදී මියගොස් ඇති අතර කොවිඩ් – 19 ආසාධනයෙන් සිදුවුණු හෘදයාබාධයක් ලෙස පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත.
මේ අනුව මෙරට කොවිඩ් – 19 අසාධනය වීම නිසා සිදුවුණු මුළු මරණ සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
