පොලිසියේ කොවිඩ් ආසාධිතයින් 125 දක්වා ඉහළට

by admindasun
0 comment 30 views

කොවිඩ් – 19 අසාධිත පොලිස් නිළධාරීන්ගේ සංඛ්‍යාව 125 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

අද දින මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ මෙම සියලු දෙනා මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින අය වන අතර පොලිස් ස්ථානවල දැනට එම කිසිවෙකු සේවයේ යෙදී නොසිටින බවයි.

එම මධ්‍යස්ථානවල සිදු කෙරෙන පීසීආර් පරීක්ෂණවලින් මෙම ආසාධිතයින් හදුනා ගන්නා බවත් ඔහු කියා සිටියේය.

කොවිඩ් – 19 ආසාධිතයන් සමග කටයුතු කළ සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් බවට සැක කරන පොලිස් නිළධාරීන් 400ක් පමණ මේ වන විට සෘජු නිරෝධායනයට ලක් කර ඇති අතර 2000කට ආසන්න සංඛ්‍යාවක් තම බැරැක්ක තුළ නිරෝධායනයට ලක් කර ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මේ වන විට කළුතර සහ කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාල තුළ විශේෂයෙන් සකස් කෙරුණු නිරෝධායන මධ්‍යස්ථාන 02ක් මේ වන විට ස්ථාපිත කර ඇති අතර සෘජු නිරෝධායනයට ලක් කෙරෙන පොලිස් නිළධාරීන් එම ස්ථානවලට රැගෙන යන බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment