අද දිනයේ මේ දක්වා රෝගීන් 314 දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරටින් මේ වන තෙක් වාර්තා වී ඇති මුළු කොවිඩ් – 19 ආසාධිතයින්ගේ සංඛ්‍යාව දස දහස ඉක්මවා ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව මේ වන තෙක් වාර්තා වී ඇති මුළු කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 10,105ක් පමණ වන බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
කෙසේ වෙතත් මේ වන විට තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5804ක් වන අතර 4282 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා පිටව ගොස් ඇති බවත් එම අංශය වාර්තා කරයි.
තවද අද දිනයේදී වාර්තා වුණු රෝගීන්ගෙන් 55 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වුණු අතර 259 දෙනෙකු දැනට ප්‍රතිකාර ලබන අයගේ ආශ්‍රිතයන් බවත් කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
