කොවිඩ් රෝගීන්ට ICU ඇදන් 130ක් සූදානම්

by admindasun
0 comment 109 views

මෙරට කොවිඩ් ආසාධිතයින් වෙනුවෙන් දැඩි සත්කාර ඒකක ඇදන් 130ක් පමණ සූදානමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය පවසයි.

මේ වන විට මෙරට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින්නේ කොවිඩ් රෝගීන් 05 දෙනෙකු පමණක් වන අතර එම රෝගීන් අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍ය පනාපිටිය පවසයි.

තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය පනාපිටිය කියා සිටියේ කොවිඩ් රෝගීන් වෙනුවෙන් ස්ථාපිත කර ඇති දැඩි සත්කාර ඒකක හෝමාගම සහ අයි ඩී එච් රෝහල්වල පවතින බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment