මෙරට මහත් ආන්දෝළනයකට ලක්වී ඇති Millennium Challenge Corporation හෙවත් MCC ගිවිසුම පිළිබදව ශ්‍රී ලංකා පාර්ශවය කැමැත්තක් නොදක්වන්නේනම් එය ප්‍රතික්ෂේප කළ හැකි බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ පැවසුවේය.
අද දින තම නිළ සංචාරය නිම කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
එහිදී මාධ්‍යවේදිනය MCC ගිවිසුම පිළිබදව නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ එය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා රජයට ලබා දුන් අවස්ථා රැසකින් එක් කාරණයක් පමණක් වන අතර එහි ඇති අගය ශ්‍රී ලංකාවට නොදැනෙන්නේනම් එය පිළිනොගෙන සිටීමට තීරණය කළ හැකි බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ සබදතාව එක් ගනුදෙනුවකට වඩා එහා ගිය එකක් බවත් ශ්‍රී ලංකා රජය සමග ඔවුන් ඉතා සමීපව කටයුතු කරන බවත් පොම්පියෝ පැවසුවේය.
“ඇමෙරිකාව සැම විටම ලබාදෙන්නේ පෞද්ගලික ආයතන සමහ ආයෝජන. සබදතා සහ මිත්‍රශීලිත්වයයි එක්සත් ජනපදයේ අපි කටයුතු කරන්නේ එලෙසයි. අපි රාජ්‍ය අනුග්‍රහය ඇති ව්‍යාපාර සමග එන්නේ නැහැ. අපිට රටකට ගෙවන්න බැරි ණය පැකේජ අරගෙන එන්නේ නැහැ,” යනුවෙන් ඔහු කියා සිටියේය.
